මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ සමයේ දිවයින පුරා සුරාබදු වැටලීම් 191ක්

    අගෝස්තු 11, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ අගෝස්තු 05 සහ 06 යන දෙදින තුළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රටපුරා දීප ව්‍යාප්තව සිදුකරන ලද වැටලීම් 191ක් සිදුකිරීමට සමත්වී ඇත.

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාබදු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

    මෙම වැටලීම් කොටස් කිහිපයක් යටතේ වර්ගීකරණය කර ඇති අතර එම දින දෙක තුළදී අදාළ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින්  අත්අඩංගුවට ගෙන පසුව සුරාබදු ඇප මත මුදාහැර ඇති අතර ඉදිරියේදී දිවයින පුරා පිහිටි ඒ ඒ අධිකරණයන් හිදී එකී සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය නිවේදනය මගින් සදහන් කරයි.
    මෙම සියලු ග්‍රහණයන් අතරින් වැඩිම ග්‍රහණයන් ප්‍රමාණයක් මහජනතාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් මැදිරියේ 1913 කෙටි දුරකතන අංකයට යොමු කරන ලද පැමිණිලි හා තොරතුරු මත සිදුකරන වැටලීම් බවද ප්‍රකාශ කරයි.
    සුරාබදු කොට්ඨාශ භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා සුරාබදු මණ්ඩල භාර සුරාබදු අධිකාරීවරුන්ගේ මෙහෙයවීමෙන් සුරාබදු නිලධාරීන් නවසීයකට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම සිදුකර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya