අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරාජික බව නැති කිරීමට ජනපති පියවර ගත්තා - සරසවි ආචාර්යවරු

    ඔක්තෝබර් 31, 2018

    පසුගිය දිනවල ජනාධිපතිවරයා දේශපාලන පියවරයන් ගනු ලැබුවේ මතු වෙමින් පැවති අරාජිකත්ව ස්වභාවය නැති කර දැමීම සදහා යැයි දිවයිනේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල රැසක ආචාර්ය මහාචාර්යවරුන් අද (31) කොළඹදී ප්‍රකාශ කළහ.

    කොළඹ පදනම් ආයතනයෙහි මාධ්‍ය හමුවක් පවත්වමින් කැළණිය, පේරාදෙණිය, විවෘත විශ්වවිද්‍යාල යන්හි ප්‍රමුඛ ආචාර්යවරුන් මෙලෙස ප්‍රකාශ කරන ලද්දේ එම පියවර ගැනීමට පෙර රටෙහි ඇති වූ දැඩි අර්බුදකාරී තත්ත්වයන් රාශියක් උපුටා දක්වමිනි.

    ඒ අතර මහජනතාවට දැරීමට නොහැකි ආකාරයේ බදුබර, රටේ ප්‍රජාතනත්‍රවාදය බිඳ වැටිම, පළාත් පාලන මැතිවරණය දිගින් දිගට ම කල් දැමීම වැනි ව්‍යවස්ථානුකූල නොවන වැඩ කටයුතු දිගින් දිගට ම සිදු වීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගැනිමට පියවර ගත් බව ද මෙම අවස්ථාවට සහභාගිවෙමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් දිසානායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා, ත්‍රිකුණාමලයේ ජයසුමනාරාමාධිපති කැළණිය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි ඇතුළු පිරිසක් අදහස් දක්වමින් කියා සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya