මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා උත්පාදනය වෙනුවෙන් රජයෙන් වසරකට රුපියල් කෝටි 5000ක ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 17, 2018

    රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටළු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    2019 වසරේ සිට 2021 වසර දක්වා එළඹෙන වසර තුනක කාල සිමාව ඉලක්ක ගනිමින් එක වසරකට කෝටි 5000ක් වෙන්වන පරිදි වසර තුන සඳහා කෝටි 15000ක ආයෝජනය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    ජාතික ආර්ථික සභාව මගින් යෝජිත මෙම විශේෂ ව්‍යාපෘතිය සියලු දිස්ත්‍රික් සහ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පරිදි අවම වශයෙන් ව්‍යාපාර එක්ලක්‍ෂ හතලිස් දහසක් (1,40,000) ආරම්භ කිරීමට නියමිතයි.

    මුලික වශයෙන් රැකියා උත්පාදනය හා ආර්ථික වර්ධනය කේන්ද්‍ර කර ගත් ශක්තිමත් ආර්ථික වැඩසටහනක් ශ්‍රී ලංකාව වැනි රටකට පැවතීම ඉතා වැදගත් වෙයි. විශේෂයෙන් රටේ පවතින අඩු වර්ධන අනුපාතය, රාජ්‍ය මුල්‍ය සහ ගෙවුම් ශේෂ ගැටළු, ඉහළ රාජ්‍ය ණය, තරුණ ප්‍රජාව තුල පවතින විරැකියාව, ඉහළ යන ජිවන වියදම, සංවර්ධන විෂමතා වැනි සාර්ව ආර්ථික සහ සමාජ අසමතුලිතතාවන්ට පිලියමක් ලෙස මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වියයුතුයි. විශේෂයෙන් ආර්ථික ගැටළු විසදමින් පුරවැසියන්ට ස්ථිරසාර අනාගතයක් උදා කිරීම සඳහා රටක් ලෙස සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම අවශ්‍යයි.

    මෙම වැඩසටහන මගින් සේවා නියුක්තිය ඉහල නැංවීම අරමුණු කරගනිමින් පුද්ගලයින්, ව්‍යවසායකයන්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කරනු ලබන ආයෝජන ඉහළ දැමීමට දිරි ගැන්වීමක් සිදු වෙතැයි අපේක්ෂා කරනවා. සේවා උත්පාදනය, නව ආයෝජන, භාණ්ඩ නිෂ්පාදනය ඉහල තලයකට ගෙන ඒම තුලින් දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික පුනර්ජීවනයක් ඇතිකිරීමට ද හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya