සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් විපතට පත් ගොවීන්ට සිංහල අවුරුද්දට පෙර රු.10,000ක්

    අප්‍රේල් 05, 2017

    මෙවර මහ කන්නයේ නියගය නිසා විපතට පත් ගොවිපවුල් සඳහා, එක් පවුලකට රු.10,000ක් බැගින් ‍විශේෂ මුල්‍ය සහනාධාරයක් 2017 අප්‍රේල් මාසය සඳහා ගෙවීමටත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම මුදල ලබා දීමටත් රජය තීරණය කොට තිබේ.

    මේ අනුව 2016/2017 මහ කන්නයේ වී වගා කොට නියගය නිසා වගා හානි වූ ගොවීන්ට ද නියගය නිසා වගා හානි වූ අනිකුත් බෝග වගා කළ ගොවීන්ට ද නියඟය නිසා වී වගා නොකල ගොවීන්ට ද මෙම මුදල ලැබෙනු ඇත.

     

    මෙම මුල්‍ය සහනාධාරය සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම ගොවි පවුල් වලට ලබා දීම සඳහා කඩිනමින් පිය‍වර ගන්නැයි ‍කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya