සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්පත්තු වනාන්තර සංරක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළේ වනගහනය වර්ධනය කිරීමටයි

    මාර්තු 31, 2017

    විල්පතු ජාතික වනෝද්‍යානයට යාබද වනාන්තර හතරක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් ඒ ප්‍රදේශවල පදිංචි ජනතාවට නීත්‍යානුකූල අයිතියක් හිමි ඉඩම් සහ මුස්ලිම් දේවස්ථාන කිසිවක් රජයට පවරා ගැනීමක් සිදු නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    මෙම වනාන්තර හතර එක්කොට මාවිල්ලු නමින් සංරක්ෂිත ප්‍රදේශයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිතුමාගේ තිරසාර සංවර්ධන වැඩසටහන යටතේ වනගහනය වර්ධනය කිරීමට බවද අමාත්‍යවරයා පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    දැනට සියයට විසිපහක් වන මේ රටේ වනගහනය සියයට තිස්පහ දක්වා වැඩිකිරීම ජනාධිපතිතුමාගේ අභිප්‍රාය බවද පැවසූ  දයාසිරි ජයසේකර මහතා මේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිසක් ජනාධිපතිවරයාටත්, රජයටත් එරෙහිව මුස්ලිම් ජනකොටස් අතර ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කර ගෙන යන බව දැනගන්නට ඇති බවද කීය.

    ගැසට් නිවේදය මගින් සංරක්ෂිත  වශයෙන් නම් කොට ඇති ප්‍රදේශවල පැරණි නිවාස, දේවස්ථාන, කෝවිල් ආදිය තිබේ නම් ප්‍රාදේශීය ලේකම්වරුන් සතු ලේඛන මගින් තහවුරු කරගෙන ඒවා එසේම පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙසේ ගැසට් මගින් සංරක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත්තේ අක්කර 600ක භූමි ප්‍රමාණයක් පමණි. එහෙත් එක්තරා පුවත්පතකට ලිපියක් ලියා ඇති ලේඛකයෙකු මෙය අක්කර ලක්ෂයක් ලෙස දක්වමින් පටු ජාතිවාදය ඇවිස්සීමේ වෑයමක් දරා ඇති බවද ජයසේකර මහතා කීය.

    මෙහිදී අදහස් දැක්වූ පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිස්ර් මුස්තාපා මහතා මෙම වනාන්තර සංරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කොට ඇත්තේ මුස්ලිම් ජනතාව පදිංචි ප්‍රදේශවලට හානියක් නොවන අයුරින් බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ම ජාතීන් වෙනුවෙන් කැපවී සිටින ජනහිතකාමී නායකයෙකු බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya