සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සුරක්ෂිතතාවය පිළිබද විශේෂ සාකච්ඡාවක්

    මාර්තු 09, 2017
    නවසීලන්ත රජයේ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය David Bennett මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමු වී ආහාර සුරක්ෂිතතාවය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

    මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා නවසීලන්ත නියෝජිත පිරිස දැනුවත් කළේය.

    ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම, බෝනොවන රෝග පාලනය, දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරිම, ස්ටෙන්ස් හා අක්ෂි කාච ලබාදීම වැනි කරුණු ඊට ඇතුළත් වෙයි. දුම්කොළ සදහා සියයට 90 ක වැඩිම බදු ප්‍රතිශතයක් පැනවීමෙන් දියුණු රටවලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව නවසීලන්ත ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    ආහාර සුරක්ෂිතතාවය සදහා ශ්‍රි ලංකාවේ දරුවන්ට ත්‍රීපෝෂ ලබාදීමෙි වැඩසටහන සහ ප්‍රතිශක්තීකරණ වැඩසටහන් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya