සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹුල්ල මූලික රෝහලේ සැත්කම් සිද්ධිය පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරික්ෂණයක්

    මාර්තු 09, 2017

    දඹුල්ල මූලික රෝහලට ඇතුළත්ව සිටින ගැබිනි මව්වරුන්ට වෛද්‍යවරියක් විසින් පවුල් සැළසුම් ක්‍රම බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබදව මාධ්‍ය මගින් පළ කළ වාර්තා වලට අනුව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    "ජාතික ගර්භනී සමයේ දියවැඩියාව” පිළිබදව දැනුවත් කිරීමෙි දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊඒ (08)  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ඒ අනුව ගැබිනි මාතාවගේ එකඟතාවය තිබුනා ද, නැද්ද යන්න පරික්ෂා කරන බවත්, පවුල් සැළසුම් ක්‍රම බලහත්කාරයෙන් කිරිමට අපහසු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේය.

    කොළඹ රිඡිවේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබා සුව වූ දරුවන් රෝහලෙන් නික්මයාමේ දී මුහුණ දෙන ගැටළු පිළිබදව ද මාධ්‍යෙවිදීන් මෙහිදී ප්‍රශ්න කර සිටිය අතර, ඒ පිළිබදව සොයා බලන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

    ගර්භනී තත්ත්වයට පත්වන මවිවරුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කර බැලීම තුලින් එහි සීනි ප්‍රමාණය මෙන්ම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ද තොරතුරු අනාවරණය කර ගත හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

    මෙහිදී කාන්තාවක් ගර්භනී තත්ත්වයට පත්වීමට පෙර ඒ පිළිබදව දැනුවත් කිරීමේ කරුණු ඇතුළත් පෝස්ටරයක් ද හදුන්වා දෙන ලදි.

    මෙම අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සපුමල් ධනපාල, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ශ්‍රීයානි දිසානායක යන මහත්ම මහත්මීන් සහ වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya