සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මාර්ගගත පාඨමාලාවක්

    මාර්තු 09, 2017

    විදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් එය ඉටුකරන කාර්ය භාරයේ කොටසක් වශයෙන්, ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික අවශ්‍යතා සපුරාලීමේදී හා අභියෝගවලට මුහුණ දීමේදී උපකාරී වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මාර්ගගත පාඨමාලාවක් සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සුවිශේෂී පියවරක් ගෙන තිබේ.

    මෙය, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වාණිජ දෙපාර්තමේන්තුව හා ලොව ඉතා කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන හාවර්ඩ් විශ්ව විද්‍යාලය සමග සාමුහිකව ගනු ලැබූ පියවරක ප්‍රතිඵලයකි.

     

    මෙම පාඨමාලාව, වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදී.

     

    වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සොනාලි වි‍ජේරත්න මහත්මිය, ජාත්‍යන්තර සංවර්ධනය හා හාවර්ඩ් විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මැට් ඇන්ඩෘස් මහතා ආරාධිත අමුත්තෝ හා මෙම පාඨමාලාව සඳහා සහභාගිවීමට තෝරාගත් නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.

     

    මෙම ආයතනය විසින් මෙවන් පාඨමාලාවක් ප්‍රදානය කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව, සිය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම මධ්‍යස්ථානය විසින් මෙවන් පාඨමාලාවක් නිර්මාණය කරන ලද ප්‍රථම රට ද වේ.

     

    අපනයන හා විදේශීය ඝෘජු ආයෝජන මෙරටට අද්දවා ගැනීම සම්බන්ධයෙන් සලකා බලන කළ ශ්‍රී ලංකාව කාලපයේ අනෙකුත් රටවලට වඩා පසුබෑමකට ලක්ව ඇති බවත් රජය විසින් ලබාදී ඇති ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමෙහි ලා අපගේ ප්‍රයත්න නැවත පණ ගැන්වීම ඉතා වැදගත් වන බවත් වැඩ බලන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම අවස්ථාව අමතමින් ප්‍රකාශ කළේය.

     

    මේ සම්බන්ධයෙන් විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සිටින දූත මණ්ඩල ප්‍රධානීන්ට හා වාණිජ නිලධාරීන්ට විදේශීය රජයන් හා පෞද්ගලික අංශ සමාගම් සමග ඝෘජුවම සම්බන්ධතා ඇතිකර ගැනීමට හා ශ්‍රී ලංකාවේ පවත්නා ඉඩප්‍රස්ථා හා හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට ඔවුන්ව දිරිමත් කිරීමට හැකියාව පවතින හෙයින් ඔවුහු මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරති.

     

    අපනයන හා ඝෘජු විශේෂ ආයෝජන සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛත්වයේ ලා සළකමින් වඩාත් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකිරීම සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරන රාජ්‍යතාන්ත්‍රීක නිලධාරීන් සවිබල ගැන්වීම මෙම පාඨමාලාවේ අරමුණ වේ.

     

    මෙම පාඨමාලාව සති 18 ක් මුළුල්ලේ පැවැත්වෙන අතර නිලධාරීන් තම දෛනික රාජකාරීවල නියැලෙන අතරතුර අධ්‍යයන කටයුතු සිදුකරන බවට සනාථ කරන ක්‍රියාකාරකම් සහිත ප්‍රායෝගික පාඩම්වලින් සමන්විත වේ. තෝරාගත් සහභාගිවන්නන් අතරට දූත මණ්ඩල ප්‍රධානීන් සහ විදේශ රටවල මෙන්ම කොළඹ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 15 – 20 ක පමණ වාණිජ කටයුතු පිළිබඳ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 35 – 40 ක් පමණ අන්තර්ගතය.

     

    අපනයන විවිධාංගීකරණයේදී ශ්‍රී ලංකාව මුහුණ පාන අභියෝග පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සොනාලි වි‍ජේරත්න මහත්මිය විසින් කරුණු පැහැදිලි කරන ලදී. මහාචාර්ය මැට් ඇන්ඩෘස් මහතා රැස්ව සිටි පිරිස අමතමින්, වෙළඳ හා ආයෝජන ඉඩප්‍රස්ථා පුළුල් කිරීම උදෙසා විදේශීය දූත මණ්ඩල ඵලදායී ලෙස හැසිරවීමට හැකියාව ලද රටවල් පිළිබඳ උදාහරණ ගෙන හැර දැක්වීය. ශ්‍රී ලංකාවේ හැකියාවන් සාධනීය ලෙස අලෙවි කිරීම සඳහා වූ කුසලතා, දැනුම සහ හැකියාවන් නිලධාරීන්හට ලබාදෙන මෙම පාඨමාලාවට විශාල ඉල්ලුමක් පවතින බව ඔහු තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya