සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය වරාය අධිකාරියෙන්

    මාර්තු 09, 2017

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහළු දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම ඊයේ (08) විසිර ගියහ.

     ඒ දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය ශ්‍රී ලංකාවෙන් බිහි කරමිනි. විසිර යාමේ උත්සවය වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේදී පැවැත්විණ.

     අදට යෙදුණු ලෝක කාන්තා දිනය සමරමින් පැවැත්වුණු එම විසිර යාමේ උත්සවයට ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය සහ නාවික අමාත්‍යාංශ ලේකම් එල්.පී.ජයම්පති මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා මෙන්ම ස්වීඩනයේ පිහිටි ලෝක සමුද්‍රීය විශ්වවිද්‍යාලයේ සභාපති ක්ලියෝ පැට්රා යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.  

    උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා,
    “අපිට පුළුවන් වුණා ලෝකයේ පළමු කාන්තා අගමැතිනියව බිහිකරන්න. එතුමිය ශ්‍රී ලාංකිකයින්ටම අභිමානයක්. එතුමිය පළමුවරට අගමැති ධුරය භාර ගත්තේ අනපේක්ෂිත ලෙස. ඒ වන විට එතුමිය ආදරණීය බිරිඳක්. දයාබර මවක් සහ සාර්ථක ගෘහණියක්. නමුත් දේශපාලනය නුහුරුයි. ඒ වුණත් එතුමියට හැකි වුණා ලෝකයේ ප්‍ර‍ථම අගමැතිනිය ලෙස මේ රටේ විශාල වෙනසක් ඇති කරන්න. එතුමිය හඳුන්වා දුන් නොබැදි ප්‍ර‍තිපත්තිය මුළු ලෝකයේම සංහිඳියාව ඇති කිරීමට හේතු වුණා.

     

    එතුමියගේ නොබැදි ප්‍ර‍තිපත්තිය නොවන්නට එදා ලෝකයේ යුද්ධයක් වුණත් ඇති වෙන්නට තිබුණා. ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයම වෙනස් කිරීමට සමත් වුණු නායිකාවක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් අපිට ගත හැකි ආදර්ශ බොහෝමයි. එවැනි පසුබිමක අපි කාන්තා දිනය කියලා එක දිනයකට සීමාවෙන්න අවශ්‍ය නැහැ. පවුලේ පුරුක තමයි කාන්තාව. පවුලේ පුරුක තමයි අම්මා. මම දකින්නේ ගෙදරක ප්‍ර‍ධානම පුරුක කාන්තාව. ගෙයක් ඇති කරන්නෙත් කාන්තාව. නැති කරන්නෙත් කාන්තාව. සැමියා කුමන රැකියාවක් කළත් පවුල ඉදිරියට ගෙනි යන්න පුළුවන් ප්‍ර‍ධානම කෙනා තමයි අම්මා.

     

    පසුගිය ආණ්ඩු කාලේ අපේ රටේ කාන්තාවන් සිටියේ දැඩි පීඩනයකින්. තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ සහෝදරයා නිවසට එන තෙක් ඔවුන් බියෙන් සිටියා. ඒ රට වෙලාගත් රාජ්‍ය පීඩනය නිසා. අද එම පීඩනය වත්මන් රජය යටතේ නැති වෙලා තියෙනවා. අද කාන්තාවන්ට සුදුසු තැන ලැබී තිබෙනවා. ඇය බලගැන්වෙන තරමට රට යහපත්ය. නමුත් ලෝක මට්ටමින් ගත් විට පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන්ගේ ප්‍ර‍තිශතය සියයට 20කටත් වඩා අඩුයි.

     

    එමෙන්ම කිසිම ආදායමක් නොලබන ජනතාවගෙන් කාන්තාවන්ගේ ප්‍ර‍මාණය ලෝක මට්ටමින් සියයට 70ක් විතර වනවා. මේ නිසා කාන්තාව සවිබල ගැන්වීම වැදගත් කරුණක්. මෙතැනදී කාන්තාව සවිබල ගැන්වීම කියන්නේ කාන්තාවට සමතැන දිය යුතු යැයි විප්ලව කිරීම නෙමෙයි. කාන්තාවගේ ශක්තිය වැඩි කිරීමයි. ඇයට සුදුසු තැන දී ඇයගේ සේවය රටේ දියුණුවට යොදා ගැනීමයි ” යැයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya