සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ඉන්දූනීසියා රාජ්‍ය නායකයින් හමු වෙයි.

    මාර්තු 08, 2017
    ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමු`ථවට සහභාගීවීම සදහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දූනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (08) පෙරවරුවේ සිදු විය.
    වසර 40 පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ඉන්දූනිසියාවේ නිල සංචාරයක් සදහා ලැබුණු ප්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් අද පෙරවරුවේ ඉන්දුනීසියා ජනාධිපති නිල නිවස වන මර්ඩේකා මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දූනීසියා ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් සහ සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.
    ශ්‍රි ලංකා ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් ද මර්ඩෙකා මන්දිරයේදී සංවිධානය කර තිබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. 
    රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවෙන් පසු ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
    අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
    ශ්‍රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර සමුද්‍රීය හා ධීවර සහයෝගීතාවය පිළිබද අවබෝධතා ගිවිසුමක් සහ සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව සදහා වූ අවබෝධතා ගිවිසුමකට මෙලෙස අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දුලීප් වෙදආරච්චි මහතා සහ ඉන්දූනිසියාව වෙනුවෙන් එරට සමුද්‍රීය කටයුතු හා ධීවර අමාත්‍යවරයා ගිවිසුම්වලට අත්සන් තැබීය.
    ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව රාජ්‍ය නායක දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක් විය.
    අනතුරුව ඉන්දූනිසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහයට ජනාධිපතිතුමා ඇතුථ දූත පිරිස සහභාගී වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya