සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සියලුම දරුවන්ට වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නව පනතක් එනවා නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න කියයි

    මාර්තු 08, 2017

    මේ රටේ සියලුම දරුවන්ට වසර 13 ක කාලයක් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

    බොහෝ සිසුන් උසස් අධ්‍යාපනයට යොමුනොවී 8 වසරේ දී හා සාමාන්‍ය පෙල විභාගයෙන් පසු පාසල් හැර යන බවත් ඉන්පසු ඔවුන් අඩු වැටුප් රැකියා වලට හෝ වෘත්තීන්ට යොමුවන බවත් ඒ තත්වය නැති කිරීම සඳහා මෙවැනි පනත් කෙටුම් පතක් ගෙන ඒමට රජය තීරණය කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමතිවරයා කීය.

    "අපේ රටේ නිදහස් වෙළඳ කලාප කර්මාන්ත ශාලා හා වෙනත් විවිධ ආයතනවල රැකියා පුරප්පාඩු 150, 000 පමන තිබෙනවා.  මේවාට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් නැහැ.  මේ තත්වය උදාවී තිබෙන්නේ අපේ ආර්ථිකයට සමගාමීව අධ්‍යාපනය සකස්වී නැති වීම නිසයි.  ඒ නිසා සෑම ශිෂ්‍යයකුටම ඔවුන්ගේ හැකියාවන්ට ගැලපෙන අන්දමේ කාර්මික, තාක්ෂණික හා වෙනත් වෘත්තීයයන් පිලිබඳව පුහුණුවක් ලබාදිය යුතුය"යිද වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.  

    උසස් අධ්‍යාපනය සඳහා ඉදිරිපත්වන සිසුන්ගෙන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන්නේ 25,000 ක් පමණ පිරිසක් පමණි.  එම සංඛ්‍යාව 50,000  දක්වා ඉහළ දැමිය යුතුයි.  එහෙත් රජයට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අසීරු බැවින් පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන වලට ද උසස් අධ්‍යාපන ආයතන ආරම්භකොට පවත්වාගෙන යාමට ඉඩ සලසාදිය යුතු බව ද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya