සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ITUM නව ගොඩනැගිල්ල උසස් අධ්‍යාපන ඇමැතිගේ නිරීක්ෂණයට

    මාර්තු 08, 2017

    හෝමාගම - දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ( ITUM)නව ගොඩනැගිල්ලේ අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා නිරත විය.

    අමාත්‍යාශයේ මෙහෙයවීමෙන් රුපියල් බිලියන 10.2 වියදමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරේ. ශිෂ්‍ය සහ ගුරු නේවාසිකාගාරයක් , දේශනශාලා , විද්‍යාගාර , ආසන 1400කින් සමන්විත දේශනශාලාවක් ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල අන්තර්ජාතික මට්ටමේ ප‍්‍රමිතියට අනුව නිර්මාණය වෙමින් පවතී. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වසර තුළ නිම කිරීමට සැලසුම් කර ඇත.

    මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කලේ එක්සත් ජාතික පක්ෂයයි. එම නිසා නිදහස් අධ්‍යාපනය අපි ආරක්ෂා කරනවා. මුලින්ම පෙළපොත් සහ නිල ඇදුම් නොමිලේ සිසු දරුවන්ට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අපේ රජය වයඹ සහ රත්නපුර ප‍්‍රදේශ වල අලුතින් වෛද්‍ය විද්‍යාල දෙකක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. මේවා රාජ්‍ය විශ්ව විද්‍යාල , පෞද්ගලික විශ්වවිද්‍යාල නොවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.  

    විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා පංති වර්ජනය අවසන් කර නැවත අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන ලෙස. යම් යම් පිරිස් තමන්ගේ දේශපාලන වාසියට මේ විශ්වවිද්‍යාල සිසුන්ව මෙහෙයවනවා. තමන්ගේ වටිනා කාලය අපතේ නොයවා දේශන වලට සහභාගී වන ලෙස අමාත්‍යවරයා විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.


    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ඒ.ජයසිංහ මහතා ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya