සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 50 කට පසු රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර වෙළෙඳ ගුවන් සේවා

    මාර්තු 07, 2017

    වසර 50කට පසු රත්මලාන ගුවන් තොටුපළින් ජාත්‍යන්තර වෙළෙඳ ගුවන්සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

    මෙම ගුවන් සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මාලදිවයින් ජාත්‍යන්තර ගුවන් සමාගමේ DH8 වර්ගයේ ගුවන් යානා 03ක් දිනකට මාලේ නුවර සිට රත්මලාන දක්වාත්, රත්මලානේ සිට මාලේ නුවර දක්වාත් ගමන් වාර 06ක් සිදු කිරීමට නියමිත ව ඇත. දෙරටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව ආරම්භ කරනු ලබන මෙම ගුවන් සේවා මෙහෙයුම් කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයේ පසුගියදා පැවැත්විණ. ඒ අනුව මෙම ගුවන් සේවා කටයුතු පිළිබඳ ව ඉදිරි දිනකදී දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතව ඇත.

    පසුගියදා මෙරටට පැමිණි මාලදිවයින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය මූසා සමීර් (Moosa Sameer) මහතා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර මෙම ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ ව මුලික සාකච්ඡා ව රත්මලාන ගුවන් තොටුපළ පර්යන්තයේදී පැවැත්විණ. රත්මලාන ගුවන් තොටුපළ ධාවන පථයේ දැනට පවතින තත්ත්වය අනුව ආසන 60කින් යුතු DH8 ගුවන්යානා මෙහෙයුම් සිදු කළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන අතර ගුවන් මගීන්ගේ පහසුව සඳහා විශේෂිත පහසුකම් සහිත පර්යන්තයක් වෙන් කිරීමට හැකි බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිනය වන සහියා සාරීර් (ZahiyaZareer) මහත්මියද, මාලදිවයින් ජාත්‍යන්තර ගුවන් සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ අබ්දුල් හරීස්(Abdul Hariz), ගුවන් මෙහෙයුම් ප්‍රධානි අහමඩ් ඊබ්‍රහිම් (Ahemed Ibrahim), ගුවන් තොටුපළ සමාගමේ සභාපති සමන් එදිරිවීර, විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්න යන මහත්වරුන්ද සහභාගි වු අතර, දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් අමාත්‍යවරුන් විසින් තිළිණ හුවමාරු කර ගැනීමක්ද මෙහිදී සිදු කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya