සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ තරුණ පුහුණු කඳවුරට සියල්ල සූදානම්

    මාර්තු 07, 2017

    “රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය” තරුණ පුහුණු කඳවුර මාර්තු 10,11 සහ 12 යන දිනයන්හි පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී තරුණ තරුණියන් 3000ක ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    මෙම තරුණ කඳවුරේදී රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ ව තරුණ තරුණියන්ට අවබෝධයක් සහ පුහුණුවක් ලබාදෙන අතර, පසුව ඔවුන් මගින් සෙසු තරුණ තරුණියන් ගම්මට්ටමින් පුහුණු කිරීම මෙහි අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේදී අද (07) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසීය. 

    මේ රජය තරුණ තරුණියන් පිළිබඳ ව විශේෂ අවධානයකින් කටයුතු කරන බවත්, ඔවුන්ට රැකියා සහ වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කෙරෙන අතර, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම එකක් බැගින් යොවුන් සේනාංක පිහිටු වීමට පියවර ගෙන ඇති බවත්, රාජ‍්‍ය ඇමතිවරයා එහිදී සඳහන් කළේය. පසුගිය වසරේදී රජය රැකියා විරහිත උපාධිධාරීන්  දසදහසකට පමණ රැකියා ලබාදී තිබේ.

    රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ තරුණ තරුණියන්ට රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට අමතරව ස්වංරැකියා අවස්ථා සලසා දීම සඳහා “ස්වශක්ති” මූල්‍යාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවද නි‍රෝෂන් පෙරේරා අමාත්‍යවරයා පැවසීය. මෙම මාධ්‍ය හමුවට ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya