සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය අධ්‍යාපන අංශයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වෙනවා

    මාර්තු 07, 2017

    රජය අධ්‍යාපන අංශයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ටියුෂන් නොව පාසල් අධ්‍යාපනය කේන්ද්‍රගතව අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.  


    "ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම" උළෙල 2017 අමතමින්  අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය   සාගල රත්නායක මහතා මේ බව ප්‍රකශ කළේ ය.

    අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන "ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම" උළෙල පසුගිය 05 දා දෙනියාය කොටපොල තේ නිපදවන්නගේ සමුපාකර සමිති ශාලාවේදී පැවැත්විණි.

    මෙය දෙනියාය ආසනය කේන්ද්‍ර කරගනිමින් පවතී අතර ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපන දක්ෂතා ඇගයීම මෙහි අරමුණ වේ.

     

    මේ යටතේ 2016 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ මොරවක කලාපයේ පාසල් 78 ක දරු දැරියන් 200ක් පමණ දෙනා සදහා පාපැදි ප්‍රදානය කිරීම කරනු ලැබීය. එමෙන්ම ගියවර අ.පො.ස. (උසස් පෙළ) විහාගයේ වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙනියාය බෙරලපනාතර පදිංචි මුදිත අකලංක දරුවාට සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය.

     

    මෙම උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, අධ්‍යාපනය පෙරට වඩා දැඩි තරගකාරීත්වයකට ලක්ව ඇති බවත් එමගින් දරුවන් විශාල පීඩනයකට පත්ව සිටින බවත්ය. ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වීම සදහා පළමු වැනි ශ්‍රේණියේ සිටම දරුවන් ටියුෂන් පන්ති  වෙත යොමුකිරීමට දෙමව්පියන් ක්‍රියා කරන බවත් එමගින් දරුවන්ට අනවශ්‍ය ලෙස පීඩාකාරී බවක් ඇතිවිය හැකි බවද අමාත්‍යවරයා සිසු සිසුවියන් ඇතුළු දෙමව්පියන් අමතමින් ප්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරයාගේ කුඩා කාලය උදාහරණ වශයෙන් ගනිමින් කියා සිටියේ, තමන් ඉගෙනගන්නා කාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට සති දෙකක් තිබෙන තුරු පාසල් අධ්‍යාපනය හැර වෙනත් අධ්‍යාපනායතනයකින් උපකාරයක් ලබා නොගත් බවත්ය. එසේම දරුවන්ට ඇතිවන පීඩනය අතරතුරම කුඩා වයසේදී දරුවන් අතට අන්තර් ජාල පහසුකම් සහිත පරිගණක, දුරකථන ආදිය ලැබීමෙන් එමගින් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වියහැකි බවද වැඩිදුරටත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එනිසා දෙමව්පියන් කල යුත්තේ දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අනවශ්‍ය ලෙස දරුවන්ට බර පැටවීම නුසුදුසු මෙන්ම පාලනයකින් තොරව අන්තර් ජාලය  දරුවන්ට ලබාදීමද යෝග්‍ය නොවන බවයි.

     

    එසේම වත්මන් රජය අධ්‍යාපන අංශයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ටියුෂන් නොව පාසල් අධ්‍යාපනය කේන්ද්‍රගතව අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වාදෙනු ලැබීය. මේ යටතේ නවමු ව්‍යාපෘතියක් ලෙස "ස්මාර්ට් කලාස් රූම්" සංකල්පය ඉදිරියේදී මෙරට දරු දැරියන්ට පාසල් අධ්‍යාපනය තුලදී හඳුන්වාදීමට නියමිත බවද පෙන්වා දෙනු ලැබිය. ඒ අනුව පළමුවෙන්ම දකුණු පළාත තු  දෙනියාය පල්ලේගම මහා විද්‍යයාලයේ සහ මාතර රාහුල විද්‍යාලය තෝරාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ අනුව පන්ති කාමරය තුලදී ගුරුවරයා විසින් ඉගැන්වීමට නියමිත පාඩම් මාලාවන් ආදිය මෙන්ම වඩාත් පුළුල්ව අධ්‍යනයකර අධ්‍යාපනය ලැබීමේ පහසුකමද එමගින් ලැබෙන බව අමාත්‍යවරයා අවධාරනය කළේය.

     

    දෙනියාය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යපෘති පිලිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දැනට පසුගිය වසර තු බොහොමයක් මාර්ග සංවර්ධන ව්‍යපෘති තුලින් ජනතාවට සෙත සසා ඇති බවත් ඉදිරියේදීද මිට අමතරව නගර සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීම සහ ප්‍රදේශයේ ආර්ථිකය ගොඩනැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බවයි. මිට අමතරව මොරවක, ඌරුබොක්ක ඇතුලු ප්‍රදේශ රැසක පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාගැනීම වෙනුවෙන් අති විශාල මුදලක් වැය කරමින් පානීය ජල ව්‍යපෘති තුනක් ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට මහා සංඝ රත්නය, ආරාධිතයින් ත්‍යාගලාභී දරු දැරියන්ගේ දෙමව්පියන් සහ දරුදැරියන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියේය.​

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya