සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු සාගර කලාපයේ සාමයට තර්ජනයක් විය හැකි ඕනෑම ආකාරයක හිංසනයකට එරෙහිව වීමට සාමූහික වගකීමක් තිබෙනවා

    මාර්තු 07, 2017

    ත්‍රස්තවාදය මුල්වන හිංසාකාරී අන්තවාදයට විරුද්ධ වීම පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ප්‍රකාශය පිළිගැනීමේදී ඉන්දියානු සාගර කලාපයේ සාමයට හා සෞභාග්‍යයට තර්ජනයක් විය හැකි ඕනෑම ආගමික, වාර්ගික කණ්ඩායමක්, සංස්කෘතියක් හෝ ජාතියක් සමග සම්බන්ධ ඕනෑම ආකාරයක හිංසන අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා සාමුහික වගකීම අමාත්‍යවරුන් සතුව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

    ඉන්දුනීසියාවේ ජකාර්තා හි  මාර්තු 06 වන දින, පැවැත්වූ ඉන්දියානු සාගර වටද්දර සංගමයේ 20 වන සංවත්සරයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍ය, මංගල සමරවීර  මහතා සහභාගීවෙමින් මේ බව පවසා තිබේ.

     

    “සාමකාමී ,ස්ථාවර හා සෞභාග්‍යමත් ඉන්දියානු සාගර කලාපයක් සඳහා වූ සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ මෙම රැස්වීම පවත්වනු ලදී.

     

    ඉන්දියානු වටද්දර සංගමයේ අනාගත වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවේදී කථා කරමින්, කැපවීම් සහ අනාගත දිරිගැන්වීම් සඳහා දේශපාලන නායකත්වය ලබාදීම මඟින් වැදගත් භූමිකාවක් රඟ දැක්වීමට ඉන්දියානු වටද්දර රටවල සංගමයේ නායකයින්ගේ අඛණ්ඩ සහභාගිත්වය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හුවා දක්වන ලදී.

    එය වඩාත් සාධනීය අයුරින් විවිධ මට්ටම්වලදී කොටස්කරුවන් සමඟ සම්බන්ධවීමට ඉන්දියානු වටද්දර සංගමය මහෝපකාරී වන අතර එමගින් සාමාජික රටවල් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සහභාගිත්වය වැඩි වැඩියෙන් දිරිගැන්වීම සඳහා යාන්ත්‍රණයන් සොයා බැලීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya