සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයින් කොළඹ දී පා ගමනක

    නොවැම්බර් 24, 2015
    ලෝක ධීවර දිනය නිමිත්තෙන් අද කොළඹදී පා ගමනක් පැවැත්විණි.
    බම්බලපිටියේ සිට පා ගමනින් පැමිණි ධීවරයින් ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුල් වී ඉන්දියානු ධිවරයින් විසින් සිදු කරනු ලබන අනවසර ධීවර කර්මාන්තයට විරුද්ධව  කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට හා ජනාධිපතිට හා අගමැතිට සංදේශ දෙකක් භාර දෙනු ලැබීය.
     
    උතුරු හා නැගෙනහිර පළාත් ද ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ධීවරයින් මෙම පා ගමනට එක්ව සිටියහ.
     
    ලෝක ධීවර දිනයට සමගාමීව ක්‍රියාත්මක ධීවර සතියේ එක් අංගයක් ලෙස මෙම පා ගමන සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
     
    ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට පෙත්සම භාර දීමෙන් අනතුරුව ගාලු පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගිය ධීවරයින් ඉන්දීය ධීවරයින්ගේ ගැටළුව, නීති විරෝධී දැල් භාවිතය නැවැත්වීම  ඇතුළු ඉල්ලීම ගණනාවක් ඇතුළත් සංදේශයක් භාර දෙනු ලැබීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya