සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අත්අඩංගුවේ සිට ශ්‍රී ලාංකික ධීවරයින් මෙරටට ගෙන ඒමට නාවික හමුදාවේ සහාය

    නොවැම්බර් 24, 2015

    ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු යළි මෙරටට ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සහය ලබා ඇති බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

    ඒ අනුව පසුගිය සෙනසුරාදා (21) ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය මගින් නාවික හමුදාවට භාරදුන් 34 දෙනෙක්ගෙන් යුත් එම කණ්ඩායම මෙරටට රජයෙන් ඒමට නාවික හමුදාව කටයුතු කොට ඇත.

     

    වෙරළ ආරක්‍ෂක බළකායට අයත් “රාජ් කමල් " නෞකාව මගින් එම පිරිස ශ්‍රී ලංකාවේ කන්කන්සන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් “රණරිසි නෞකාව” සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ “G 46 යාත්‍රාව” වෙත භාරදීමට කටයුතු කර ඇත.

     

    අනතුරුව එම ධීවරයින් පිරිස යාපනය ධීවර හා ජලජසම්පත් සංවර්ධන දෙපාර්තමේන්තු බලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇති බව තවදුරටත් එම වෙබ් අඩවිය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya