සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දින ජාතික සැමරුම පළමු වරට යාපනයේ දී

    ඔක්තෝබර් 02, 2015

    2015 ලෝක ළමා දින ජාතික සැමරුම ඊයේ (01) යාපනයේ දී වීරසිංහ ශාලාවේ දී පැවැත්විණි. යාපනයේ දී ලෝක ළමා දින ජාතික උත්සවයක් පැවැත්වූ ප්‍රථම වතාව මෙය වේ.

    කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර , ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් “ළමා මිතුරු පරිසරයක්, ලොව බබලන සොඳුරු ‍දැයක්“ යන තේමාව යටතේ මෙම උත්සවය පැවැත්විණි.

     

    ළමා දින ජාතික කොඩිය අමාත්‍යවරියන්ට පැළැන්දවීම සහ ළමා දිනය නිමිත්තෙන් පාසල් ළමුන් සඳහා පැවැති ‘පරිකල්පනා‘ තරගවලියේ තරගවලින් ජයගත් දරු දැරියන්ට ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

     

    යාපනය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය එස්.සිවයෝගන් මහතා විසින් උත්සවයේ මුඛ්‍ය දේශනය සිදු කළේය.

     

    උත්සවය ඇමතූ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 33.55ක් එනම් මිලියන 7ක් ළමුන් වන අතර ඉන් 1/5ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි. එම නිසා මෙම ළමුන් කණ්ඩායම වෙත වැඩි අවධානයක් ලබා දී කටයුතු කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සිදු කළ යුතු බවත් එය තමන්ට තනිව කළ හැකි කාර්යයක් නොවන බැවින් රටේ වැඩිහිටි සියලුදෙනාගේම වගකීම ඒ සඳහා එකට අත්වැල් බැඳගෙන කටයුතු කිරීම බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

     

    ශ්‍රී ලංකාවේ අවුරුදු 15-19 වයස් සීමාවේ පසුවන ළමුන්ගෙන් ලක්ෂ දෙකක් පමණ ළමා කම්කරුන් බව පැවසූ අමාත්‍යවරිය දෙමාපියන් විසින් තමන්ගේ දරුවන් වෙත දැඩි අවධානයක් ලබා දිය යුතු බවත් ළමුන්ට අධ්‍යාපනය සහ පෝෂණය ලබා දීම දෙමාපියන්ගේ අනිවාර්ය වගකීම බවත් ඇය ප්‍රකාශ කළාය. තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කියා සිටියේ ළමුන්ට දැඩි අවධානයක් ලබා දෙන්නේ නම් සේයා හෝ විද්‍යා ශෝකාන්තයන් නැවත ඇති නොවන බවය.

     

    ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ.නටරාජා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සෙනරත්න, ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර , යාපනයේ දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් යන මහත්ම මහහත්මීන් ද සිසු දරුවන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya