සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 මහ මැතිවරණය සඳහා මාතර දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා බාරගැනීම ඇරඹේ

    ජූලි 08, 2015
    අගෝස්තු 17 දින පැවැත්වීමට නියමිත 2015 මහ මැතිවරණයට අදාළ ව මාතර දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා බාරගැනීමේ කටයුතු පෙරේදා (06) මාතර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී/මාතර දිස්ති‍්‍රක් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
     
    මාතර දිස්ති‍්‍රක්කයේ ඡන්ද ප‍්‍රදේශ 07 හි ඡන්ද කොට්ඨාස 444ක ඡන්දදායකයන් 623,818 දෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
     
    මෙවර මහ මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය. 
    මේ වන විට මාතර දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා බාරදීමක් සිදු නොවූ අතර ස්වාධීන කණ්ඩායම් 03 ක් පමණක් ඇප මුදල් තැන්පත්කර තිබේ. 
     
    NDH/dmu_Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya