මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කාර්යමණ්ඩලවල අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළේ පළමු වැඩසටහන

    ජූනි 30, 2015
    රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කාර්ය මණ්ඩලවල අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළේ පළමු වැඩසටහන වශයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙනුවෙන් නොමිලේ අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද (30) අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය වසන්ත ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී දිනය පුරා ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. 
     
    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා විසිරි සිටින රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයන්ගේ අක්ෂි පරීක්ෂාව සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩි ව පැන නැගී ඇත. දිනපතා කාර්යාලවල රාජකාරී කටයුතුවල යෙදෙන සේවක මහත්ම මහත්මින් හට සිය අක්ෂි පරීක්ෂා කර ගැනීම සඳහා ඉඩ ප‍්‍රස්ථාවක් ලබාගැනීමට කාලය වෙන්කර ගැනීමේ ප‍්‍රායෝගික ගැටලුවක් පවතී. එබැවින් තමන් සේවය කරන ස්ථානයේ දීම තමන්ගේ ඇස් පරීක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව මතු වී ඇති බැවින් මෙවැනි වැඩසටහන් දිවයින පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතන කේන්ද්‍ර කොටගෙන ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    මෙහිදී අදහස් දක්වමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය වසන්ත ගමගේ මහතා කියා සිටියේ, දැනට ශ්‍රී ලංකාව තුළ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 40-50ත් අතර ප‍්‍රමාණයක් සිටින බවත් එම අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් අක්ෂි ආබාධවලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට මේ වනවිටත් කටයුතු කරන බවත්ය. එසේ වුවද දිවයින පුරා විසිරි සිටින රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයන් සහ විශේෂයෙන්ම ළමුන්ගේ අක්ෂි පරීක්ෂාව සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩි ව පැන නැගී ඇති බවයි.
     
    එමෙන්ම වැඩකරන ජනතාවගේ අක්ෂි දුර්වලතාවන් හේතුවෙන් ඔවුන්ගෙන් නිසි වේලාවට, නිවැරදිව තම රාජකාරිය ඉටුකරවා ගැනීමට නොහැකි වන බව බැවින් ආයතනවලට ඍජුවම එම තත්ත්වය බලපානු ලබන බවත් එබැවින් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කාර්යාලවල සේවය කරන සියලු ම වැඩකරන ජනතාව තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම සඳහා යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. දරුවන්ගේ ඇස්, මුල් අවස්ථාවේදී ම පරීක්ෂා කර ගැනීම තුළින් ඉදිරියේ දී දරුවන්ට ඇති විය හැකි අක්ෂි ආබාධ මගහරවා ගැනීමට එය හේතුවක් බවන බව ද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය වසන්ත ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
     
    මෙම වැඩසටහනේ ආරම්භක අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බි. දිසානායක මහතා, රාජ්‍ය සෞඛ්‍ය ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya