බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක

 බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක
  • SocialShare:

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජන අමෙරිකාවේ සිවුදින නිල සංචාරයක් ආරම්භ කර තිබේ. 2007 දී එලිසබෙත් මහ රැජනගේ සංචාරයෙන් පසු රජ පවුලේ අමෙරිකා සංචාරයක් සිදුවන පළමු අවස්ථාව මෙයයි.

ඉරාන යුද අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර මතභේද පවතින අතරේ මෙම සංචාරය ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ.

ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලෝනියා ට්‍රම්ප් විසින් උණුසුම් පිළිගැනීමක් ලබාදී ඇති අතර, ට්‍රම්ප් සහ චාල්ස් රජු අතර නිල සාකච්ඡා ඕවල් කාර්යාලයේදී පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොංග්‍රසය ඇමතීමටත් තවත් උත්සව රැසකට එක්වීමටත් චාල්ස් රජු නියමිත අතර, ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.