ජපානයේ උතුරු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ උතුරු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්
  • SocialShare:

ජපානයේ උතුරු ප්‍රදේශයට අද (20) රික්ටර් පරිමාණයේ 7.5 ප්‍රබලත්වයක භූකම්පනයක් Iwate Prefecture වෙරළට ආසන්නයෙන් සිදුවීමත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ජපාන කාලගුණ විද්‍යා ආයතනයට අනුව, Iwate Prefecture, Hokkaido සහ Aomori Prefecture ප්‍රදේශ සඳහා මීටර් 3ක් (අඩි 10ක් පමණ) දක්වා උස සුනාමි රළ අපේක්ෂා කෙරේ. තවද Miyagi Prefecture සහ Fukushima Prefecture ඇතුලු ප්‍රදේශ සඳහා මීටර් 1ක් (අඩි 3ක් පමණ) දක්වා රළ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ වන විට Iwate ප්‍රදේශයේ වෙරළබඩ වරායන්හි සෙන්ටිමීටර් 80 (අඩි 2.6) සහ සෙන්ටිමීටර් 40 (අඩි 1.3) පමණ සුනාමි රළ වාර්තා වී ඇති අතර ආරක්ෂක පියවරක් ලෙස Shinkansen දුම්රිය සේවා අත්හිටුවා තිබේ.
එසේම බලධාරීන් ජනතාවට වහාම උස් ස්ථානවලට යාමටත්, තවදුරටත් සුනාමි රළ ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටීමටත් දැනුම් දී ඇත.