ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. එම සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන නාවික නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවටද එරට අනතුරු අඟවා ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ඉන්ධන ප්‍රවාහනයට අතිශය වැදගත් නාවික මාර්ගයක් වන අතර, එය වසා දැමීම ගෝලීය වෙළඳපොළට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මෙම තීරණය ගෙන ඇත්තේ අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් අනතුරුව බව වාර්තා වේ.
ඒ අතරතුර, ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉලක්ක කර පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ආසන්න කාලය තුළ මැද පෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවත් උණුසුම් විය හැකි බවට ද විශ්ලේෂකයින් අනතුරු අඟවති


