NASA විසින් Artemis II චන්ද්‍ර මෙහෙයුම අතරතුර ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ ඊයේ (03) නිල වශයෙන් නිකුත් කර තිබේ.
එම ඡායාරූප Orion spacecraft අභ්‍යවකාශ යානය මගින් ලබාගෙන ඇති අතර, ඒවා නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ “ඒ අපි!” යන ශීර්ෂ පාඨය සමඟ පළ කර ඇත.
අභ්‍යවකාශයේ සිට නෙත ගැටුණු පෘථිවියේ චමත්කාරය මෙම ඡායාරූප තුළින් පැහැදිලිව දිස්වන අතර, පෘථිවියේ එක් අර්ධයකට රාත්‍රිය උදාවී ඇති අයුරුද එහි දැක්වේ. සූර්යාලෝකය නොපැමිණෙන අඳුරු පෙදෙසක් සහ අනෙක් අග්‍රයේ ආලෝකය පතිත වන ප්‍රදේශය අතර ඇති විශිෂ්ට දසුන එම ඡායාරූපවල සටහන් වී තිබේ.
එමෙන්ම ආලෝකය සහිත අග්‍රයේ වායුගෝලය මතුපිටින් විහිදෙන මෘදු ආලෝක රේඛාව හෙවත් Limb Glow තත්ත්වයද මෙහිදී ඉතා පැහැදිලිව දිස්වීම විශේෂත්වයකි.
අභ්‍යවකාශයේ සිට පෘථිවිය සතු අසිරිමත් දසුන සහ වායුගෝලයේ සියුම් ස්ථරයන්හි ක්‍රියාකාරිත්වය මෙම ඡායාරූප මගින් විද්‍යාත්මක මෙන්ම කලාත්මක අගයකින් යුතුව නිරූපණය වන බවද සඳහන් වේ.




