ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පසුගිය සති කිහිපය පුරා උද්ගත වූ උත්සන්න තත්ත්වයන් අතරතුර තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම එකඟතාවයට හෝර්මුස් සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමනයට සම්බන්ධ කරුණු ද ඇතුළත් වන බව සඳහන් වේ.
එසේම මෙය තාවකාලික සටන් විරාමයක් ලෙස සැලකෙන අතර, දිගුකාලීන විසඳුමක් සඳහා ඉදිරියේදී වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


