කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 210 දෙනෙකු සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය අද (25) අරලියගහ මන්දිරයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා 2030 වන විට හෙද සේවාව සඳහා 13,600 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, හෙද විදුහල් සංවර්ධනය කිරීම හා හෙද විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ද කටයුතු කරමින් සිටින බවත් පැවසීය. උත්සවයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම වසරේ ඔක්තොම්බර් මාසයේදී හෙද හෙදියන් 2847ක්, 2028 වර්ෂයේ මාර්තු මාසයේදී හෙද හෙදියන් 1949ක්, අගෝස්තු මාසයේදී හෙද හෙදියන් 2920ක් සදහාත් පත්වීම් ලබා දීමට සැලසුම්කර ඇති බවයි. 2030 වර්ෂයවන විට හෙද සේවාවට 13600ක් බදවා ගැනීමට සැලසුම්කර ඇති බවද පැවසීය. එම ඉලක්කයෙන් 50% ක් මෙම වර්ෂය අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවද සදහන් කර සිටියේය.
හෙද සේවාවට ඇතුළත් වන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති බව ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන හෙද විදුහල්ල සියල්ල සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බවද සදහන්කර කළේය.
හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීම සදහා උසස් අධ්‍යපන අමාත්‍යාංශය සමග මේවන විට සැලසුම් කරමින් සිටින බව ද සදහන්කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කණ්ඩායම තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට පෙර එම සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද පැවසීය.
හෙද සේවාව ගෞරවනීය වෘත්තියක්බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සියල්ල ලබා දෙමින් සැලසුම් සහගතව ඉදිරියට යන බවද වැඩිදුරටත් පැවසීය


