ජනාධිපති ලේකම් සහ Buddhist Tzu Chi Merit Organization අතර සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් සහ Buddhist Tzu Chi Merit Organization අතර සාකච්ඡාවක්
  • SocialShare:
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ Buddhist Tzu Chi Merit Organization (Singapore) Ltdහි නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේ පැවැත්විණි.

 

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා Buddhist Tzu Chi Merit Organization හි දායකත්වය දීම, ඉදිරි කාලය තුළ අපේක්ෂිත එල්- නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සහ රජයේ ක්ලින් ශ්රී ලංකා වැඩසටහන සමඟ එක්ව දියත් කළ හැකි ව්යාපෘති ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සෞඛ්යය, අධ්යාපනය, සංස්කෘතික සහ පුණ්යාධාර වැඩසටහන් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව Buddhist Tzu Chi Merit Organization නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.
මෙරටට බලපෑ සෑම ස්වභාවික ආපදා තත්ත්වයකදීම Buddhist Tzu Chi Merit Organization (Singapore) Ltd සහයෝගය ලබා දුන් බව සිහිපත් කළ ජනාධිපති ලේකම්වරයා, දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් සිදු කරන සමාජ සත්කාර වැඩසටහන් සම්බන්ධව ස්තූතිය පළ කර සිටියේය.
ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර, Clean Sri Lanka ලේකම් කාර්යාලයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් කපිල සෙනරත්, අධ්යක්ෂ (සමාජයීය) එල්. ඒ. එස්. සී. රාජකරුණා, අධ්යක්ෂ (ස්වේච්ඡා සේවා) එච්. පී. එස්. ශාන්ත, ශ්රී ලංකා සත්කාර කණ්ඩායමේ නායක (Sri Lanka care team lead) Keng Lim සහ සාමාජික Sim Sem Ping යන මහත්වරුන් ඇතුළු Buddhist Tzu Chi Merit Organizationහි සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ