ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කුමෙනි මියගිය බව විදේස් මාධ්‍ය වාර්තා කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කුමෙනි මියගිය බව විදේස් මාධ්‍ය වාර්තා කරයි
  • SocialShare:

ඉරාන රාජ්‍ය රූපවාහිනිය වන IRIB (Islamic Republic of Iran Broadcasting) මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරානයේ උත්තරීතර නායකයා ඊයේ (28) එල්ල වූ ඒකාබද්ධ ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වී තිබෙන බව තහවුරු වෙයි.

IRIB ආයතනය අද උදෑසන නිල වශයෙන් ප්‍රකාශ කළේ ‘ඉරානයේ උත්තරීතර නායකයා ප්‍රාණ පරිත්‍යාගීත්වයට (Martyrdom) පත්වූ බවයි’ සඳහන් කරයි. ටෙහෙරාන් හී පිහිටි ඔහුගේ නිල නිවාස සංකීර්ණය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

ඔහුගේ අභාවය වෙනුවෙන් ඉරානය පුරා දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව එරටේ රාජ්‍ය රූපවාහිනිය දන්වා ඇත.

කෙසේ වෙතත් දැනට IRIB නාලිකාවල පෙන්වනු ලබන්නේ ඔහුගේ අතීත දර්ශන, ගුණසමරු සහ ඔහු වෙනුවෙන් ඉරාන වැසියන් ශෝකය පළ කරන දර්ශනයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය නිවේදනය කළේ ඝාතනය පිළිබඳ පරස්පර වාර්තාවලින් පසුවය. ඉරාන නිලධාරීන් මීට පෙර කමේනිගේ මරණය පිළිබඳ වාර්තා ඉරානයේ සතුරන් විසින් මෙහෙයවන ලද ‘මානසික යුද්ධයක’ කොටසක් ලෙස හැඳින්වූහ. කමේනි සිය කාර්යාලයේ සේවය කරමින් සිටියදී ඝාතනයට ලක් වූ බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා සහ මුණුපුරා ද මිය ගොස් තිබේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා රාත්‍රියේ ප්‍රකාශ කළ අතර එම නිවේදනය මීට පෙර ඉරාන විදේශ අමාත්‍යවරයා, රාජ්‍ය මාධ්‍ය සහ ඔහුගේ පෞද්ගලික කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.