දකුණු කැලිෆෝනියාවට ශීත කුණාටු තත්වයක්

දකුණු කැලිෆෝනියාවට ශීත කුණාටු තත්වයක්
  • SocialShare:

දකුණු කැලිෆෝනියාවට ශීත කුණාටුවක් බලපා ඇති බවත් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට තද වර්ෂාව සමග තද සුළං මෙන්ම කඳුකර ප්‍රදේශවලට අධික හිමපතනයක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් මහතා ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට මෙන්ම ඔරේන්ජ්, රිවර්සයිඩ්, සැන් බර්නාඩිනෝ, සැන් ඩියාගෝ සහ ශාස්ටා ප්‍රාන්ත සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම කුණාටු තත්වය වසර ගණනාවකින් පසු ඇති වූ වැසි සහිතම නත්තල විය හැකි බවත්, පසුගිය ජනවාරි මාසයේ ඇති වූ ලැව්ගිනිවලින් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ප්‍රදේශවල හදිසි ගංවතුර, මඩ නායයෑම් සහ සුන්බුන් ගලායාමක් පිළිබඳව අනතුරු අඟවා ඇති බවත් කාලගුණ විද්‍යා අංශ පෙන්වා දේ.
කැලිෆෝනියා අධිවේගී මාර්ග මුර සංචාරයට අනුව, සැක්‍රමෙන්ටෝ ප්‍රාන්තයේ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගිය බව සඳහන් කරයි.