අමෙරිකානු හමුදාව, නයිජීරියාවේ වයඹ දිග කලාපයේ ක්‍රියාත්මක අයිසිස් (ISIS) ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අමෙරිකානු අප්‍රිකානු විධානය මේ බව නිල වශයෙන් තහවුරු කර ඇත.
නයිජීරියානු රජයේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම ප්‍රහාරය සිදු කර ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
නයිජීරියාවේ වෙසෙන කිතුනු ජනතාව ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් සිදු කරන දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබිණි.


