නේපාලයේ ඉතිහාසයේ මුල්වරට අන්තර්කාලීන අගමැති තනතුරට මහාධිකරණයේ හිටපු ප්‍රධාන විනිසුරු සුෂිලා කාර්කි පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ බව නිල වශයෙන් නේපාල රජය පසුගියදා ප්‍රකාශ කළේය.
තරුණ විරෝධතා හමුවේ නේපාල අගමැතිවරයා ඉල්ලා අස්විමෙන් ඇතිවු පුරප්පාඩුව සදහා අන්තර්කාලින අගමැතිනිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිල් කාර්කි දිවුරුම් දීමට නියමිතව තිබේ
සුෂිලා කාර්කි නේපාලයේ මුල්කාලීන කාන්තා ප්‍රධාන විනිසුරුවිය ලෙස 2016 දී ඉතිහාසගත විය. නීතියේ අඛණ්ඩතාව රැකගැනීමේදී සහ දේශපාලන මට්ටමින් ස්වාධීන මත පළ කිරීමේදී ඇය ලබාදුන් පළපුරුද්ද, අන්තර්කාලීන නායකත්වයට විශාල දායකත්වයක් වනු ඇතැයි නේපාල ජනයා බලාපොරොත්තු වෙයි.


