තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් නුවරදී මිය ගියාය.
තායිලන්තයේ වර්තමාන රජු වන වජිරලොන්කෝන්ගේ මව් රැජිනවන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් නුවරදී මියගිය බව රජයේ නිවේදනයක් මගින් තහවුරු කර ඇත. දිගුකාලීනව රෝගාතුරව සිටි ඇය මිය යන විට 93වන වියේ පසුවූවාය. ඇය තායි ජනතාව අතර “රාජ මව” ලෙස මහත් ආදරයක් දිනාගත්තාය.
සිරිකිත් රැජින 2016 දී මියගිය තායිලන්තයේ දීර්ඝතම රජකම් කළ රජ භූමිබෝල් අදුල්යාදේජ් රජු සමඟ දශක හයකට වැඩි කාලයක් විවාහව සිටි අතර රැජින වෙනුවෙන් රාජකීය අවමංගල්‍යයක් සංවිධාන කරන ලෙස වජිරලොන්කෝන් රජු නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


