තායිලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අගමැති සහ ප්‍රකෝටිපති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර ඔහුට වසරක සිර දඬුවමක් පැනවූ අතර එම කාලයේදී ඔහු රෝහලක ප්‍රභූ අංශයේ රඳවා තබා ගැනීම නීති විරෝධී බව සඳහන් කරමින්, පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණ සහ වංචා මෙන්ම එරට රජුට එරෙහි වීම ඔහුට එල්ල වූ චෝදනා වේ.
තක්ෂින් ෂිනවත්‍රා තායිලන්තයේ ව්‍යාපාරිකයෙකු සහ 2001 සිට 2006 දක්වා අග්‍රාමාත්‍ය ධූරය දැරූ දේශපාලනඥයෙකි. ඔහු "Thai Rak Thai" නමින් නව පක්ෂයක් පිහිටුවා ගම්මාන සහ දුප්පත් ජනතාවට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර, එමගින් ජනප්‍රියත්වය ලබා ගත්තද, ඔහුට විරුද්ධව චෝදනා රැසක් එල්ල විය. 2006 දී හමුදා කුමන්ත්‍රණයක් මඟින් ඔහු බලයෙන් ඉවත් වූ අතර, ඊට පසු ඔහු දිගු කාලයක් විදේශ ගතවිය. ඔහු නොමැතිව ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති අතර එහි තීන්දුව අනුව ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කර තිබේ.අවුරුදු ගණනාවකට පසු, 2023 දී ඔහු නැවත තායිලන්තයට පැමිණි අතර එහිදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට වසර 8ක සිර දඬුවමක් නියම කළේය. නමුත් තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඔහුට වසරක සිරදඬුවමක් නියම වූවද ඔහු එක්දිනක් හෝ බන්ධනාගාරයේ රැඳී නොසිටි අතර සෞඛ්‍ය හේතුන් මත එරට පොලිස් රෝහලක රඳවා සිට තිබේ.
පසවු 2024 වසරේ දී ඔහු නැවතත් නිදහස ලබා බැංකොක්හි පිහිටි සිය මන්දිරය වෙත පැමිණ තිබිණි. එහිදී ඔහුට එරෙහිව නැවතත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද නැවතත් ඔහුට වසර සිරදඬුවක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි


