අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනපති ව්ලැද්මීර් පූටින් ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්- රිචර්ඩ්සන් කඳවුරේදී ඊයේ(15) එකිනෙකා හමු වූහ.
අමෙරිකා සහ රුසියානු ජනපතිවරු මෙලෙස හමු වන්නේ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට සාකච්ඡා පැවැත්වීම සඳහායි.
රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් වෙනුවෙන් පැවැති මෙම සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවති අතර, සාකච්ඡාවේ දී ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


