ඉරානයේ උතුරු-මැද පළාතක් වන සෙම්නාන්හි සෝර්කේ දිස්ත්‍රික්කය අවට රිච්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක් ඊයේ (20) ඇති වී තිිබෙන බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) වාර්තා කරයි.
භූමිකම්පාව සෝර්කේ සිට කිලෝමීටර් 17 (සැතපුම් 10.6) ක් සහ සෙම්නාන් නගරයේ සිට කිලෝමීටර් 36 (සැතපුම් 22.4) ක් දුරින් සිදු වූ බව වැඩිදුරටත් දැක්වේ.
ඉරානය භූ කම්පන ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති අතර මෑත වසරවලදී භූමිකම්පා රැසකට ද මුහුණ දී තිබේ.


