“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ සමස්ත සමාජයම ආර්ථික, පාරිසරික, සමාජයීය වශයෙන් ගැඹුරු පරිවර්තනීය වෙනසක් සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි “කිරළකැලේ“ වනජීවී අභය භූමි පරිසර පද්ධතිය ආක්‍රමණය කරමින් පවතින ප්‍රදේශයට අනුව ආක්‍රමණශීලී ශාකයක් ලෙස සැලකෙන ඇකේෂියා ශාකය සහ අනෙකුත් ආක්‍රමණශීලී ශාක ඉවත්කර මී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගිය දා (23) පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම තෙත් බිම් අභය භූමිය වශයෙන් සැලකෙන “කිරළකැලේ“ පරිසර පද්ධතිය ආශ්‍රිතව ප්‍රදේශයට අනුව ආක්‍රමණශීලී ශාකයක් වශයෙන් සැලකෙන ඇකේෂියා ශාකය බහුලව ව්‍යාප්තවීම නිසා එම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට ලක්ව තිබේ. මේ වන විට කිලෝමීටර් 18ක අභ්‍යන්තර මාර්ග දෙපස ඇකේෂියා ශාකය ව්‍යාප්තව ඇත.
මෙහි දී යටි රෝපණය ලෙස පවතින ඇකේෂියා ඇතුළු අනෙකුත් ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම හා මී පැළ රෝපණය කිරීම සිදු කෙරිණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර මහා නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.