Clean Sri Lanka යටතේ දිඹුල්ගමුවට රු. මිලියන 9.6ක “Jack & Chill” කොස් වෙළඳ කුටි සංකීර්ණයක්

Clean Sri Lanka යටතේ දිඹුල්ගමුවට රු. මිලියන 9.6ක “Jack & Chill” කොස් වෙළඳ කුටි සංකීර්ණයක්
  • SocialShare:

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ “Dimbulgamuwa Jack & Chill” වැඩසටහන යටතේ දිඹුල්ගමුව කොස් අලෙවි කුටි 21ක් අලෙවිකරුවන්ට භාරදීම ඊයේ (23) සිදු කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී රුපියල් මිලියන 9.6ක මුදලක් වැය කරමින් ඉදිකළ නව අලෙවි සැල් ජනතා අයිතියට පත් කෙරිණි.

A9 මාර්ගයට ආසන්නව, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාපිත කළ මෙම ව්‍යාපෘතිය මගින් දිඹුල්ගමුවේ කොස් අලෙවිකරුවන්ට සංවිධානාත්මක, පිරිසිදු හා ආරක්ෂිත වෙළඳ පරිසරයක් හිමි වේ.