ළමා ආරක්ෂාව පිළිබඳව ළමුන් දැනුවත් කෙරේ 

ළමා ආරක්ෂාව පිළිබඳව ළමුන් දැනුවත් කෙරේ 
  • SocialShare:

ළමා ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම පිළිබඳව ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් වේල්ලවීදිය පොලිස් ස්ථානය සහ මරදාන පොලිස් ස්ථානය මගින් පසුගිය දිනයන්හි (20 සහ 21) සංවිධානය කර තිබුණි.

ඒ අනුව, හාවඩ්  විදුහලේ දරුවන් හා දෙමාපියන් සදහා ළමා ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන වේල්ලවීදිය පොලිස් ස්ථානය මගින් ද ප්‍රෙස්බෙටීරියන් බාලිකා විදුහලේ දෙමාපියන් සහ ප්‍රාථමික අංශයේ 3,4,5  ශ්‍රේණිවල දරුවන් සඳහා පැවති වැඩමුළුව මරදාන පොලිස් ස්ථානය විසින් ද සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන් මඟින් ළමා අපයෝජනයෙන් දරුවන් මුදවා ගැනීම, අඩු වයස් ගැබ් ගැනීම් වළක්වා ගැනීම  හා එහි නීතිමය පැතිකඩ පිළිබඳව දැනුවත් කෙරිණි.

මේ සඳහා සම්පත් දායකත්වය මෙම පොස් සථාන වල නිලධාරින් සහ ළමා ආරක්ෂක නිලධාරී ඔමේෂිකා කරදන මහත්මිය විසින්  ලබා දෙන ලදි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - කොළඹ

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.