2026 වසරේ ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 2200කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (26) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විමධ්‍යගත අයවැය වැඩසටහන, ප්‍රජා ශක්ති වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන සහ පළාත් සභා හා ග්‍රාමීය පාලම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 735ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කර, පසුගිය වසරට වඩා වේගවත්ව වැඩ අවසන් කිරීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද එහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට කම්කරු හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනිල් ජයන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී.පී. පුෂ්පකුමාර සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


