බෝගම්බර පදික උමං මාර්ගය ජනතා අයිතියට

බෝගම්බර පදික උමං මාර්ගය ජනතා අයිතියට
  • SocialShare:

මහනුවර නගරය තුළ ගුණාත්මක සහ නවීන ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින්, නවීන තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිය ලෙස මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTT) ක්‍රියාත්මක වේ.


මෙම ව්‍යාපෘතියට සමගාමීව මහනුවර නගරයේ මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, ඒ යටතේ ඉදිකරන ලද බෝගම්බර පදික උමං මාර්ගය ඊයේ (27) ජනතාවට විවෘත කෙරිණි.
මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතියට ප්‍රවේශ මාර්ගයක් ලෙස රුපියල් 65,799,395.90 ක වියදමින් ඉදිකරන ලද මෙම පදික උමං මාර්ගය, මහනුවර නගරයේ ජනතාවට වඩාත් ආරක්ෂිත, පහසු සහ කාර්යක්ෂම ගමනාගමන පහසුකම් සලසනු ඇත.