සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මාතර පුරවරයේ සංවිධානය කර ඇති “දක්ෂිණ ප්රභා” වෙසක් කලාපය මෙවර ප්රදේශයේ ප්රධාන වෙසක් සැමරුම ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
වෙසක් උත්සවය සමරමින් නගරයේ ප්රධාන මාර්ග, විහාරස්ථාන සහ පොදු ස්ථාන වෙසක් කූඩු, තොරණ් සහ විදුලි ආලෝක සැරසිලිවලින් අලංකාර කර ඇත.
බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් දන්සැල්, භක්ති ගී ප්රසංග, බෝධි පූජා සහ වෙසක් කලාප රැසක් සංවිධානය කර ඇති අතර, දිස්ත්රික්කයේ විවිධ ප්රදේශවලින් පැමිණෙන ජනතාව සඳහා විශේෂ වැඩසටහන් ද ක්රියාත්මක කිරීමට නියමිතය.


