අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීමට ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකළ නිවාස 24කින් සමන්විත “පතිනිගම” ආදර්ශ ගම්මානය ඊයේ (04) ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකළ ප්‍රථම ඉන්දියානු ආදර්ශ ගම්මානය ලෙස ද “පතිනිගම” සැලකේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 12ක ආධාර මුදලක් ලබාදී ඇත.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 7.3ක දායකත්වයක් සපයා තිබේන අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහ ප්‍රජා සහභාගිත්වයේ දායකත්වය ද එක්වීමෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වැය වූ සමස්ත මුදල රුපියල් මිලියන 39.957කි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉතෑව ග්‍රාම නිලධාරී වසමේ හුලෝගෙදර ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම ගම්මානය ජලය, විදුලිය සහ මාර්ග ඇතුළු මූලික යටිතල පහසුකම්වලින් සමන්විත වේ.
නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ ඉන්දීය රජයේ ප්‍රදාන මත මෙම ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි සම්බන්ධීකරණ හා මෙහෙයුම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශන, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව ඉන්දික දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත, නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.එච්. නිලන්ත බණ්ඩාර, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් නන්දන මහීපාල, වයඹ පළාත් නිවාස කොමසාරිස් ඊ.එම්.පී.එම්.බී ඒකනායක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරු එන්.කේ.බී.එස්. නරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහ ගම්වැසියන් සහභාගී වූහ.


