ජාතික තරුණ දින සැමරුම - 2026 - "Say No" තේමාව යටතේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් පසුගියදා (23) මාතර නගරයේ දී පැවැත්විණි.
අපේ රටේ තාරුණ්‍යය විෂ මත්ද්‍රව්‍යයෙන් මුදවා ගැනිමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම පාගමන හා රැළිය සදහා මාතර දිස්ත්‍රික්කයේ Youth Club යෞවන සමාජ තරුණ, තරුණියන්, පාසල් දරුවන් ඇතුළු 500 අධික පිරිසක් මෙම තරුණ දින පාගන සදහා එක් වූහ.
මාතර - නුපේ සංස්කෘතික මධ්‍යස්ථානය අභියසින් පාගමන ආරම්භ වූ අතර එය එය ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය ඔක්සේ මාතර බස් නැවතුම්පොළ අභියසට පැමිණ නිමාවට පත් විය. අනතුරුව තරුණ සැමරුම් දින ජනහමුමවක් ද බස්නැවතුම් පොළ අභියස දී පවත්වන ලදි.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ සුපුන් විජේරත්න මහතාගේ මගපෙන්විම යටතේ ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සමමේලනය එක්ව මෙය සංවිධානය කර තිබුණි.
මෙවර පාගමනේ තේමාව බවට පත්වූයේ Say No යන්නයි. විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ඉන් මුදවා ගැනිමත්, මත්ද්‍රව්‍ය ජාවරම්වලින් තරුණයන් ඉවත්කර ගැනීම සදහා දැනුවත් කිරිමත් වෙනුවෙන් මෙම පාගමන තුළින් පණිවිඩයක් ලබාදීමට පියවර ගෙන තිබුණි.
මේ අවස්ථාවට ගරුතර මහාසංඝ රත්නය, මාතර පුරපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා, ජාතික තරුණ සේවා සභාවේ දකුණු පලාත් අධ්‍යක්ෂ සරත් කොඩිකාර මහතා, සහකාර අධ්‍යක්ෂ ටී.කේ. මහින්ද මහතා, දිස්ත්‍රික් මණ්ඩලයේ සභාපති තරිඳු ඉෂාන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


