වසර 44ක ඉතිහාසයක් හිමි වීරපුර විද්යාලයේ අභිනව නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ (20) පැවැත්විණි.
මෙම අවස්ථාවට එක් වූ මහාචාර්ය චන්දන අබයරත්ත මහතා පැවසුවේ දුෂ්කර පාසල් දිගු කලක් සම්පත් බෙදීයාමේ විෂමතාව හේතුවෙන් අවධානයෙන් ගිලිහී තිබූ බවයි. නගර සහ ග්රාමීය පාසල් අතර පරතරය අවම කරමින් සෑම දරුවෙකුටම සමාන අධ්යාපන පහසුකම් ලබාදීම රජයේ ප්රමුඛ අරමුණ බවද ඔහු අවධාරණය කළේය.
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ, 9 වසරෙන් පසු සිසුන්ට ඔවුන්ගේ කුසලතා අනුව ශාස්ත්රීය හෝ වෘත්තීය අධ්යාපන මාර්ග තෝරාගැනීමට අවස්ථාව ලබාදෙන බවද අමාත්යවරයා පැවසීය. තාක්ෂණික හැකියාවන්, ක්රීඩා සහ වෙනත් දක්ෂතා ඇති දරුවන් හඳුනාගෙන ජාත්යන්තර මට්ටමට ගෙන යාම මෙහි අරමුණ බවද සඳහන් කෙරිණි.
සෑම පාසලකම අවම වශයෙන් එක් “ස්මාර්ට් පන්ති කාමරයක්” ස්ථාපිත කිරීමේ වැඩසටහනද මේ වනවිට ක්රියාත්මක බව අමාත්යවරයා පැවසීය.
මෙම අවස්ථාවට කලාප අධ්යාපන බලධාරීන්, විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.


