49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග ගාල්ල, දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (17) ආරම්භ විය.
මෙම සමාරම්භක උළෙල සඳහා ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා, ක්‍රීඩා අමාත්‍යාංශ අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් සියලු දෙනා නගරාධිපතිවරයා විසින් පිළිගන්නා ලදි.
ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් තරග ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේ දී, හික්කඩුව නගර සභා ක්‍රීඩාංගණයේ සහ මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


