උඩවලව ඇත් අතුරු සෙවණේ අලි ඇතුන් 06 දෙනෙකු, උඩවලව ජාතික වනෝද්‍යානයට මුදාහරී

උඩවලව ඇත් අතුරු සෙවණේ අලි ඇතුන් 06 දෙනෙකු, උඩවලව ජාතික වනෝද්‍යානයට මුදාහරී
  • SocialShare:

උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් 06 දෙනෙකු ඊයේ (17)  උඩවලව මව් ආර රක්ෂිතයට මුදා හරින ලදී.

මව් සෙනෙහස අහිමි වී වසර 05කට ආසන්න කාලයක් උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් 06 දෙනෙකු මෙලෙස මුදා හරින ලදී.

මෙම වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙලෙස මුදා හැරුණු අලි ඇතුන් 06 දෙනා අතරට එක් ඇතෙකු ද ඇතුළත් විණි.

එමෙන්ම අද (17) දින ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් 06 දෙනා මුදා හැරුණේ, එලෙස මුදා හැරි 26 වන කණ්ඩායම ලෙසය.

මෙම අලි ඇතුන් උඩවලව මව් ආර රක්ෂිතයට මුදා හැරීමෙන් අනතුරුව පරිසර අමාත්‍ය වෛද්‍ය ගරු දම්මමික පටබැඳි මහතා ඇත් අතුරු සෙවණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකද නිරතවුණි.

මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.