දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය කඩිනම්ව යථාවත්කීරීමේ අරමුණෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස හා දේපොළ පවිත්‍ර කිරීමට රජය මගින් ලබාදෙන රුපියල් 25000ක දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මේවනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවා අවසන් බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසුවාය.
පරික්ෂා කිරීම් අවසන් වූ පිරිස් වෙත මෙම දීමනාව ලබාදීම මේ දින වල සිදු කරන අතර ඉදිරි දින කිහිපය ඇතුලත ලැබිය යුතු සියලුම දෙනා වෙත මෙම රුපියල් 25000 දීමනාව ලබා දීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්තුමිය වැඩි දුරටත් පවසා සිටියා.


