බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ

බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන ශ්‍රමදාන වැඩසටහන් ඊයේ(09) බදුල්ල හාලිඇල මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.

ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන ඇතුලු ස්වෙච්චාවෙන් ඉදිරිපත්  වූ  5000ක ශ්‍රම බලකායක් මේ සඳහා සහභාගී වේ.

ඊයේ ආරම්භ වූ මෙම වැඩසටහන දෙසැම්බර් 23 දින දක්වා  සති දෙකක් පුරාවට වැඩබිම් 50 ක ක්‍රියාත්මක  කෙරේ. මෙම ශ්‍රමදාන වැඩසටහන තුළින් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු වගා බිමවලට මහ කන්නය අස්වැද්දීම සඳහා ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.