කහවත්ත ශ්‍රී ක්‍රිෂ්ණා දෙමළ මහා විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක්

කහවත්ත ශ්‍රී ක්‍රිෂ්ණා දෙමළ මහා විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක්
  • SocialShare:

රත්නපුර කහවත්ත ශ්‍රී ක්‍රිෂ්ණා දෙමළ මහා විද්‍යාලයේ ඉදි කළ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (12) සිසු අයිතියට පවරනු ලැබීය.

රුපියල් ලක්ෂ 345 ක වියදමින් මෙම නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.

මෙම විද්‍යාලයේ සිසු දරු දැරියන් 1308ක් අධ්‍යාපනය හදාරන අතර ගුරු භවතුන් 61 දෙනෙකු සේවය කරයි. පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ.

මෙම අවස්ථාවට ආගමික නායකයින්,රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු දේශපාලන නියෝජිතයින්,ගුරුභවතුන්,දරු දැරියන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.